අමරසිරි කලංසූරියට සම්මානයක් පිරිනැමුනු වෙලාවක නිවේදකයා අහනවා 'ඔබතුමාට සිනමාවේ අමතක නොවන මතකය මොකද්ද කියලා', කලං කියනවා ' අපේක්ෂා චිත්‍රපටියේදී අපේ නිළි රැජින මාලිනී ෆොන්සේකා මුණගැහිලා ඔහුට රඟපාන්න උදව් කරපු ආකාරය කියලා' තවත් දවසක සම්මුඛ සාකච්ඡාවකදී කලං මෙහෙම කියනවා.
මාලිනී දවසක් කියලා තිබ්බා එයාට සිනමාවේදී මුණගැහුණු හොඳම පෙම්වතා මම කියලා. මාව හුඟක්ම ජනප්‍රිය කරපු චිත්‍රපටිය අපේක්ෂා, අපේක්ෂා චිත්‍රපටය රූගත කරන්නේ 1974දී. එතකොට මගේ වයස අවුරුදු 30ට කිට්ටු ඇති. රූගතකිරීම් ගොඩක්ම තිබුණේ හැටන්වලටත් එහා දික්ඔය කියන පළාතේ. හැබැයි මම,
මේ කියන්න හදන සීන් එක ෂූට් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉහළින් තියෙන හන්තාන කන්දේ. එච්. ජී. ප්‍රේමරත්න කියන සුන්දර අධ්යක්ෂවරයා තමයි අපේක්ෂා අධ්‍යක්ෂණය කළේ
ඔන්න අධ්යක්ෂතුමා මට කිව්වා මාලිනීගේ මූණ ඉඹින්න කියලා. ඒ සීන් එකේ හැටියට මම මාලිනී ෆොන්සේකාව සිපගන්න ඕන. අපි දෙන්නා පෙම්වතුන් විදියට රඟපෑවේ. ඒත් මට ඒක කරන්නම බෑ කියලා හිතුණා. අධ්යක්ෂතුමා ආයෙත් කියනවා හරි දැන් මාලිනීව සිපගන්න කියලා. කොච්චර කිව්වත් මං බෑ කිව්වා. ඒ වෙලාවේ මාලිනී මට කිව්වා කමක් නෑ කලා ඇස් දෙක පියාගෙන එන්න කියලා. ඒත් අනේ මට බෑ කියලම හිතුණා. ඊට පස්සේ,
කොහොමහරි ඒ සීන් එක ගන්න ඕන නිසා අපේ කැමරා ශිල්පියා ඩොනල්ඩ් කරුණාරත්න මගේ ෂර්ට් එක ඇඳගෙන මාලිනීව සිපගත්තා.අපේක්ෂා ෆිල්ම් එකේ මම මාලිනීව සිපගන්නා දර්ශනයේ විතරක් මම රඟපෑවේ නෑ. ඒ සීන් එක රඟපෑවේ ඩොනල්ඩ්.ඇත්ත වශයෙන්ම මාලිනී කියන්නේ ඒ වෙද්දිත් ඉතාම දක්ෂ නිළියක්. ඇයට තියෙන ගෞරවය නිසාම තමයි මට ඒ සීන් එකට ඉන්න බෑ කියලා හිතුණේ. නැත්නම් මම
එදා ඒ විදියට හැසිරෙන්නේ නෑ. හැබැයි එහෙම වුණා කියලා චිත්‍රපටයට හානියක් වුණේ නෑ. මාව ‘අපේක්ෂා’ නිසා සෑහෙන්න ජනප්‍රිය වුණා. අදටත් අපේක්ෂා ෆිල්ම් එකේ ගීත තරුණ තරුණියන් අතර හුඟක් ජනප්‍රියයි. මම ගොඩක් ප්‍රේම ජවනිකාවල රඟපාලා තිබුණත් ‘අපේක්ෂා’ චිත්‍රපටයෙන් තමයි ජීවිතයේ පළමු වතාවට ප්‍රසිද්ධියේ ප්‍රේම කරන්නේ. මට ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. මගේ සිනමා ජීවිතයේම විශේෂ අවස්ථාවක් බවට පත්වුණා.

Post a Comment