වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ලොරි රථයේ පසුපස,
යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.
පසුව ඔහුව වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ දින ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වූ ස්ථානය ආසන්නයේ ම මෙම අනතුරත් සිදු වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.

Post a Comment