රේගු නිළධාරීන් විසින් මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම දුම්වැටි වැටලීම සිදුකර තිබෙනවා.ඒ අනුව,
රේගු නිළධාරීන් විසින් රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි කොළඹ වැල්ලම්පිටිය , දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකු මෙලෙස රේගු අත්අඩංගුවට පත්ව ඇත.
ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන් ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ද , එම ප්රයත්නයන් ව්‍යයර්ථ කර, ඔවුන්ගේ ගමන් මලු 20ක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ දුම්වැට් සොයා ගෙන තිබුණි.
Post a Comment