මෙවර ලෝක රූ රැජිණ තරගයට ඉදිරිපත්ව සිටින අනුදි ගුණසේකර මිස් වර්ල්ඩ් බහුමාධ්ය අභියෝගයේ (Miss World Multimedia Challenge) ආසියාවේ අනුශූරිය බවට පත්ව තිබෙනවා.
ශ්රී ලාංකිකයකු ලෝක රූ රැජිණ තරඟයක මෙම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ඒ අනුව ලොව පුරා තරගකාරියන් 108 දෙනකුගෙන් තෝරාගත් ඉහළම ගෝලීය ජයග්රාහිකාවන් 8 දෙනා අතර ඇය ස්ථානයක් හිමි කර ගත්තා.
සිය ජයග්රහණය පිළිබඳව නිල ෆේස්බුක් පිටුව වෙත සටහනක් එක්කරමින් ඇය සඳහන් කර තිබුණේ, තමන් වෙනුවෙන් ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කර තිබෙනවා.
Multimedia Challenge වටයේ අවසන් ප්රතිඵල අද දිනයේ ලබාදීමට නියමිතයි.
Post a Comment