පාසල්වල දහවැනි ශ්‍රේණියේ සහ එකොළොස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැනු ළමයින් තැලසීමියා රෝග වාහකයන්ද යන්න පිළිබඳව සොයා බැලීමේ වැඩසටහනක් දිවයින පුරා පාසල්වල ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි..
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් ප්‍රකාශ කළේ,
එම දරුවන් හඳුනා ගැනීමේ පරීක්ෂණයේදි කාඩ්පත් තුනක් නිකුත් කරනා බවය.
ඒ අනුව අදාළ දරුවාට කොළ පැහැති කාඩ්පතක් නිකුත් කර ඇත්නම් ඇය රෝග වාහකයකු නොවන බව තහවුරු වන බවයි.
සෞඛ්‍ය නිලධාරීන් විසින් කහ පැහැති කාඩ්පතක් නිකුත් කර ඇත්නම් එම දරුවාට රෝගවාහක තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකරනු ලබයි.
එමෙන්ම රෝස පැහැති කාඩ්පතක් නිකුත් කර ඇත්නම් එම දරුවා රෝගවාහකයකු බවට තහවුරු වන බව විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් පැවසුවාය.
එවැනි දරුවන් සඳහා අවධානය යොමුකරමින් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකරන බවද ඇය සඳහන් කළාය.
මේ සඳහා රෝහල් පද්ධතිය විශාල මුදලක් වැය කරනා අතර ප්‍රධාන වශයෙන් රුධිර පාරවිලයන කටයුතු සහ රුධිරයෙන් යකඩ ඉවත් කිරීම සිදුකරන බවද විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් පැවසුවාය.
(source – aruna)
Post a Comment