පාසලක් තුළදී ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියක සියදිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්,
චෝදනාවට ලක්වූ ගුරුවරයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (මැයි 08) ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි මෙම දැරිය ඉකුත් අප්‍රේල් මස 29 වන දා
කොළඹ, කොටහේන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයකින් බිමට පැන සියදිවි නසා ගෙන තිබූ බව පොලිසිය වාර්තා කළේ ය.
එලෙස සියදිවි නසා ගත් දැරිය ලිංගිකව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ ගුරුවරයාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින්
කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එම පාසල ඉදිරිපිට ඊයේ දිනයේදී (මැයි 8)විරෝධතාවක් ද පැවැත්විණි.
Post a Comment