සතොස සේවකයන් සිය නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ ඊයේ (26ද) සිදු විය.
සමුපකාර, අභ්‍යන්තර සහ වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් 2012 වසරේ දී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවල යොදවා වැටුප් හා දීමනා ලෙස රුපියල් 86,47,224ක මුදලක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබේ.

Post a Comment