තාක්ෂණ වේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ කාව්‍ය රවිහංස රොසයිරෝ පත්ව තිබේ.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ '' ඒ " සාමාර්ථ 09 ක් ලබා ගනිමින් ඉහළින් සාපෙළ සමත්ව සිටියදී තාක්ෂණ වේදය විෂය තෝරන්නට උත්සාහ කළ නමුත් ශාන්ත ආනා විදුහලින් එල්ල වූ විරෝධය හා මවුපියන්ගේ අකමැත්ත ද මත 'රණ්ඩු කර ' තාක්ෂණවේදය හැදෑරීමට ඇති කැමැත්ත හා ඇල්ම නිසා,
එය තෝරාගත් බවත් ඊට පාසල මාරු කරන්නට සිදු වූ බවත් පවසා තිබේ.
නාරම් මල මයුරපාද විද්‍යාලයට - 2023 වසරේ තාක්ෂණ විෂය ධාරාව හැදෑරීමට ඇතුළත් වූ ඔහු කාලයක් ගරාජයක වැඩ කළ බවද පවසා තිබේ.
" මම පාසල් නිම වෙලා ඇවිල්ලා පාඩම් වැඩ කළා. මට ලොකු අභියෝගයක් තිබ්බා ඒ සාමාර්ථ 09 ක් අරගෙන කුරුණෑගල හොදම ඉස්කෝලයක් දාල ආව හින්දන් ඒ අභියෝගය කරන ජයග්‍රහණයක් එක.මම ඒ ඉලක්කයන් ජය ගත්තා. කොරෝනා කාලෙ මගෙ කකුල කැඩුණා. බයික් එකෙන් වැටිල. ඒකට ප්‍රතිකාර ගන්න ගමන් ගෙදර ඉදලා. ඒ කාලෙ මගේ අම්මාගෙ අක්කාගෙ දුව අපේ ගෙදර නැවතිලා හිටිය. ඒ අක්කා දෙහි අත්තකණ්ඩියෙ. එයා විභාගෙ ලියල ලකුණු මදි වුණ හින්දා අපේ ගෙදර ඉඳලා කුරුණෑගල පංති ගියා. එයා කළේ තාක්ෂණ වේදය විෂය. ඊට පස්සෙ එයා ඒකෙන් හොඳ සමාර්ථයක් ගත්තා. මම ඒ දවස්වල ගෙදර හින්දා එයාගෙ පොත්පත් නිතරම බලනවා. ඒ හින්දා මට ඒ ගැන ආශාවක් ඇති වුණා. මම මෝටර් රථ තාක්ෂණය ගැන ගොඩක් ආශා කළා. ඔටෝ මොබයිල් පැන්නට. ඊට පස්සෙ මේ ළග ගරාජයක වැඩ ඉගෙන ගන්න ගියා. එහෙම තමයි මේ විෂය ඉගෙන ගන්න කැමැත්ත ආවේ.
නමුත් මට ඒක කරන්න ඉස්කෝලෙන් එපා කිව්වා. ගෙදර අයත් කැමති වුනේ නැහැ. මං ගොඩක් තර්ක කරලා මට ආස එක කරන්න ඕන කිව්ව නිසා අකමැත්තෙන් තමා ගෙදර කැමැත්ත ගත්තේ. ඉස්කෝලෙන් මාරු කරා.
මමයි නංගියි ගෙදර ඉන්නේ. තාත්තා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක්. මට පාඩම් වැඩවලට ගෙදර හැමෝම උදව් කළා.නංගියි මමයි නිවසේ ඉන්නේ දවල් කාලයේ තමයි අපි දෙන්න පාඩම් කළේ. මම කවදාවත් ඇහැරගෙනවත් පාන්දර නැගිට ගෙනවත් පාඩම් කළේ නැහැදවල් කාලයේ තමයි සියල්ල කළේ. උසස් පෙළට ආවට පස්සේ මම හිතට අර -ගෙන වැඩ කළේ මොකක් හෝ ජයක් ලබන්න. පුදුම විදිහට පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. මම මේ වන විට අම්මා එක්ක කඩේක වැඩට යනවා. අපි මුදල් අයකැමියන් විදිහට වැඩ කරමින් හිටියේ. ප්‍රතිඵල ආවාම මගේ පවුලේ අය වගේම ඒ සියලු දෙනාත් ලොකු සතු -ටකට පත්වුණා. මම කියන්නේ දෙන තරමට තමයි ලැබෙන්නේ. අපි යාලුවො වැඩි පිරිසක් එක ගෙදරකට එකතු වෙලා එක එක්කෙනාට කියලා දෙනවා. ගොඩක් දෙනෙක්ට මම උදවු කළා වගේම මමත් අහගන්න අවස්ථා තියනවා. අපි එකට ගොඩ යමු කියලා යෝජනාව -කයි අපි හිටියේ.ඒ හැම දෙනාම ඒ හා බී සාමාර්ථ වලින් සමත් වෙලා නියනවා දැක්කාම හරි සතුටුයි. ඒකයි මම කියන්නේ අපි දෙන තරමටම ලැබෙනවා කියලා.
මට මේ ගමන එන්න මගේ මව පියා එකම සහෝදරිය වගේම විදුහලේ විදුහල්පතිතුමියගෙ වගේම සම්පත් විජේසිංහ, දිලිනි හේරත්, කැලුම් ජයසිංහ යන ගුරු මහත්ම මහත්මීනුත් මගේ කටයුතු වෙනුවෙන් උදව් උපකාර කළ නමින් සඳහන් නොකළත් උදව් උපකාර කළ සියලු දෙනාත් මම අදහන ආගමට අනුව මගේ ගමන එන්නත් සාර්ථකත්වයට පත් වෙන්නත් හේතු වුණා. ඒ හැමටම මගේ ආදරය ගෞරවය ස්තූතිය පුද කරනවා "
යැයි කාව්‍ය රවිහංස පැවැසුවේ නිහතමානීවය.
gossip lanka news
Post a Comment