නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
මෝටර් රථයේ රියදුරු අනතුරින් තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
අද (22) උදෑසන 7.15ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ,
නල්ලතන්නිය - ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදීය.ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇතැයි අනාවරණය වී තිබේ.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
Post a Comment