අවුරුදු සමය වෙනුවෙන් පානදුර මුහුදු තීරයට දිය නෑමට සිය මිත්රයින් සහ ඥාතීන් සමග පැමිණි දරුවන් දෙදෙනකු දිය පහරට හසු ව ගසා ගෙන ගොස් තිබෙන පුවතක් වාර්තා වෙනවා.
ඔවුන්ගේ සිරුරු මෙතෙක් හමු වී නැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඊයේ (16) පස්වරු 05.30ට පමණ මෙම අනතුර සිදු ව ඇත.
බණ්ඩාරගම සහ වත්තල ප්රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස දියනාමින් සිටි ඇති අතර,
එම පිරිස තුළ පස්දෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇත.
එම අවස්ථාවේ ක්රියාත්මක වූ පානදුර වෙරළ නාවික හා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් ඉන් පුද්ගලයින් තුන්දෙනෙකුගේ දිවි ගලවාගෙන ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් මෙලෙස අතුරුදන් ව ඇත්තේ 15 හැවිරිදි වියෙහි පසුවූ මොහොමඩ් ඉෆාන් මොහොමඩ් මුහම්මදු සහ බණ්ඩාරගම - අටලුගම ප්රදේශයේ පදිංචි යසීර් අර්ෆත් අහමඩ් නමැති දරුවන් දෙදෙනක්.
අතුරුදන් වූ මෙම දරුවන් සොයා නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.
.jpg)
Post a Comment