අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසල දී ඊයේ (17) රාත්‍රියේ එල්ල වූ වෙඩි තැබීම මේ වනවිට විදේශගත ව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුහත් නදීෂ් කුමාර ආබ්‍රේව් නමැත්තාගේ දූරකථන ඇමතුමට ආ පුද්ගලයෙකු ව ඉලක්ක කරගෙන සිදු වූවක් බවට වාර්තා වනවා.
මෙම වෙඩි තැබීම ත්‍රීරෝද රථයකින් ආ වෙඩික්කරුවෙකු විසින් ඊයේ රාත්‍රී 09.35ට පමණ සිදුකර අති බවටයි වාර්තා වන්නේ.
වෙඩික්කරු විසින් මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් තුවාලකරුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
තුවාලකරු හට රේවත කනිෂ්ඨ විද්‍යාලය අසල පිහිටි සොහොන අසලට පැමිණෙන ලෙස 'බබා' නොහොත් නදීෂ් කුමාර නමැත්තා විසින් දූරකථන ඇමතුමක් ලබා දී කියා ඇති අතර,
ඒ අනුව අදාළ තුවාලකරු එම ස්ථානයට ගොස් තිබෙනවා.
මෙම වෙඩි ප්‍රහාරයට ඔහු ලක්ව ඇත්තේ මෙම අවස්ථාවේදීය.
වෙඩි වැදීමෙන් ඔහුගේ උදර ප්‍රදේශයට තුවාල සිදු වුව ද ඒවා බරපතළ නොවන බවත් වාර්තා වනවා.
මේ වනවිට තුවාලකරු 27 හැවිරිදි ලක්ෂාන් මධුසංඛ මුණසිංහ ලෙස හදුනා ගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විසින් වඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
Post a Comment