වයඹදිග කොංගෝවේ බෝට්ටුවක් ගින්නකට හසුවී පෙරලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙක් බදාදා පැවසීය.
අඟහරුවාදා රාත්‍රියේ කොංගෝ ගඟේ සිදු වූ මේ අනතුරෙන් දුසිම් ගනනක් බේරා ගත් අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දරුණු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර,
රතු කුරුස සංවිධානයේ සහ පළාත් බලධාරීන්ගේ සහාය ඇතිව අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු බදාදා සිදු කෙරෙමින් පැවතුනි.
මගීන් 400 ක් පමණ සිටි ලී බෝට්ටුව Mbandaka නගරය අසලදී ගිනි ගත් බව ගංගා කොමසාරිස් කොම්පෙන්ටන්ට් ලොයෝකෝ විදෙස් මාධ්‍ය වෙත පැවසීය. HB Kongolo නම් බෝට්ටුව මාටන්කුමු වරායෙන් බොලොම්බා ප්‍රදේශය බලා පිටත්ව ගොස් තිබුණි.
දිවි ගලවා ගත් 100 දෙනෙකු පමණ Mbandaka නගර ශාලාවේ තාවකාලික නවාතැනකට ගෙන යන ලදී. පිළිස්සුම් තුවාල ලැබූවන් ප්‍රාදේශීය රෝහල් වෙත ගෙන යන ලදී.
සිද්ධිය ආරම්භ වී ඇත්තේ කාන්තාවක් එහි ආහාර පිසින අතරතුර බව ලොයෝකෝ පැවසීය. කාන්තාවන් සහ ළමුන් ඇතුළු මගීන් කිහිප දෙනෙකු පිහිනීමට නොහැකිව ජලයට පැන මිය ගොස් ඇතැයි වාර්තා වේ.


Post a Comment