හලාවත පොලිස් වසමේ හලාවතමෝය අසල මුහුදු තීරයට නාදුනන පිරිමි මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට හලාවත පොලිසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර,
වයස අවුරුදු 60 ක් පමණ පෙනුමැති උස අඩි 05 අඟල් 04 ක් පමණ, වැඩුණු තළෙළු සිරුරක් හිමි පුද්ගලයෙක් වන අතර සුදු පාට හිසකෙස් කොටට කපා, උඩුකයට අත්දිග කොළපාට කමිසයක් හැඳ සිටී. යටි කය නිවස්ත්‍ර පුද්ගලයෙකි.
මුහුදේ ගල්වල වැදී සිදු වූ තුවාල බවට සැක සිතිය හැකි තුවාල කිහිපයක් මුහුණේ දක්නට ඇත.
මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
හලාවතපොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
ඉදිරියට යාමේදී දැන්වීමක් දිස් වුවහොත් තත්පර කිහිපයක් රැඳී සිට go back ↩ ක්ලික් කරන්න.
Post a Comment