ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානයකට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියකු ඊයේ (19) පස්වරුවේ පොළොන්නරුව - කඳුරුවෙල, පොළහන්දිය ප්‍රදේශයේ සිය අනියම් පෙම්වතියගේ නිවසට ගොස් සිය සිරුරට පෙට්‍රල් හලා, ඉන් අනතුරුව ගිනි තබාගෙන තිබෙන අතර,
අසල තිබූ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ද ගෙන ඔහු අනියම් බිරිඳගේ නිවසට ගොස් දොරට තට්ටු කළ ද ඇය දොර විවෘත නොකිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සිරුරට ගිනි ඇවිළීමෙන් පසු පොලිස් නිලධාරියා මහා මාර්ගයට දිවවිත් ඇති අතර එහිදි ප්‍රදේශ වාසීන් එක් ව ගින්න නිමා කඩිනමින් ඔහුව පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහුගේ තත්ත්වය අසාධ්‍යය බවත් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
Post a Comment