දෙහිඅත්තකණ්ඩිය, පරගස්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙන අතර,
මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ රාජ්ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.
ඔහු වයස අවුරුදු 29 ක් වූ ගිරාඳුරුකෝට්ටේ ප්රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
මියගිය කොස්තාපල්වරයා මිතුරන් කිහිපදෙනෙකු සමඟ ඊයේ (12) සවස් කාලයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට දැනට සිදුකරන ද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
.png)
Post a Comment