අද (17) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගස සකස් කරමින් සිටියදී ඉන් බිමට ඇද වැටීමෙන් බාලවයස්කාර දරුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ පිටිගල - අමුගොඩ සිරි විජයාරාම විහාරස්ථානය අසල පිහිටි ක්‍රීඩාංගණයෙන්.මෙලෙස මියගොස් ඇත්තේ,
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවෙකු බවයි පැවසෙන්නේ.
මරණකරුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලේ තබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment