88 ,89 භීෂණ සමය ඇසින් නොදුටු තරුණ තරුණියන්ට මේ දිනවල රටේ සිදුවන ඝාතන රැල්ල තුළින් එම භීෂණ සමය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවැසීය.
හෙතෙම මේ බව පැවැසූයේ දඹුල්ලේදී පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි.
මේ වන විට රට තුළ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වන බවත් නිවසට පැමිණ දරුවන් ඉදිරියේ පියා ඝාතනය කිරීමේ සංස්කෘතියක් යළි බිහිව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවේ,
මේ වෙද්දි මගේ පක්ෂයේ අපේක්ෂකයකුට වෙඩි තියලා ඝාතනය කරලා තවත් අපේක්ෂකයකුට පිහියෙන් ඇනලා තියෙනවා. ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්න ඇති හැබැයි මෙහෙම මිනිස්සු ඝාතනය කරන්න කාටද අයිතිය තියෙන්නේ.මෙම අපරාධ කාගේ හරි ඇඟ මත තියලා ආණ්ඩුව අත පිහගන්න උත්සාහ කරමින් ඉන්නවා.
එදා දළදා වහන්සේ වඳින්න අපි යනකොට හිනා වෙච්ච අය අද දළදා වහන්සේ වඳින එක පිළිබඳව අපි සතුටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව තුළ ඉතා හොඳ තරුණ පිරිසක් ඉන්නවා . අවාසනාවකට ජනතා විමුක්ති පෙරමුණ ඒ තරුණ දේශපාලනඥයන් බොරු කියවන්න මඩ ගස්සන්න යොදා ගන්නවා. ඔවුන්ට සැබෑ යථාර්ථය තේරුම් ගන්න දෙන්නැතුව පක්ෂයේ අවශ්‍යතාවය මත කිහිප දෙනෙකුට පමණක් තමන්ගේ දේශපාලන භූමිකාව නිර්මාණය කිරීම තුළින් ඔවුන්ගේ අනාගතයේ සම්පූර්ණයෙන් විනාශ කරනවා .
මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළා . අදත් ලියුමක් එනවා තවදුරටත් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩු කරනවා කියලා .හැබැයි මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරනවා කිව්වට දැන් රටේ මහජනතාවගේ ආරක්ෂාවත් අඩුවෙලා තියෙන්නෙ, හැමදාම තැන් තැන්වල වෙඩි තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳවත් ආණ්ඩුව සාධාරණය ඉටු කරන්නේ නෑ.
පාස්කු ප්‍රහාරය යට ගහන්නේ මේ ආණ්ඩුව ඇතුළෙන්මයි .පාස්කු ප්‍රහාරය සිදු වෙනකොට හිටපු නිලධාරීන් දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ ඉහළ තනතුරුවල. උපකල්පනය කරලා පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන ඔවුන් වැරැදිකරුවන් කරන්න යන්නේ.අද ආණ්ඩුව පොලිසියයි, සී අයි ඩි එකයි පාවිච්චි කරනවා තමන්ගේ මන්ත්‍රිවරුන්ගේ චරිතය ආරක්ෂා කරන්න .පහුගිය කාලෙදි බන්ධනාගාර කොමසාරිස්වරයකු ඝාතනය වුණා, අධිකරණය දී නඩුකාරවරයා ඉදිරියේ වෙඩි තියෙනවා.එකට සම්බන්ධ ඒ නංගි තාම හොයා ගන්නවත් නෑ.
Post a Comment