ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කරනවා.
88 වැනි වියෙහි පසු වූ උන් වහන්සේ බ්රොන්කයිටිස් රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය දා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කළ අතර, පසුව සුවය ලබා යළි පැමිණියා.
අනතුරුව ඊයේ වතිකානයේ පැවති පාස්කු ඉරු දින ප්‍රධාන දේව මෙහෙයට ද උන් වහන්සේ සහභාගි වූයේ ජනතාව තුළ ප්‍රීති ප්රමෝදයක් ඇති කරමින්.එසේම,
වසර 12ක කාලයක් රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස කටයුතු කළ උන් වහන්සේ කිහිප වරක් ම රෝහල්ගත කෙරුණු අතර එම රෝගි වීම් සඳහා ආසන්නම හේතුවක් ලෙස සැලකුණේ, වයස අවුරුදු 21 දී පෙනහලු වලින් කොටසක් ඉවත් කිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමයි.
2001 වසරේ දි දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් අතින් කාදිනල් ධූරයට ඔසවන ලද උන් වහන්සේගේ පෞද්ගලික නම වූයේ ජෝර්ජ් මාරියෝ බර් ගොග්ලියෝ යි.
අනතුරුව එවක පාප් වහන්සේ වූ ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප් වහන්සේ සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ධුරය අතහැරි පසු 2013 පෙබරවාරි 28 වැනි දා පාප් පදවියට පත් උන් වහන්සේ සිය නාමය ලෙස ග්රැන්සිස් යන්න තෝරා ගනු ලැබුවා.
1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුළු නොස් අයශි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) දිස්ත්‍රික්කයේ උපන් උන් වහන්සේ 1965 ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත්තා.
Post a Comment